ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති.

මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවසූහ.

ගංජා වැටලීම් අනවශ්‍ය බවද පවසන උන්වහන්සේ අතීතයේ ශ්‍රී ලංකාවේ අරක්කු කසිප්පු නොතිබූ යුගයේ සාමාන්‍ය ජනතාව පවා ගංජා භාවිත කර ඇති බවද කියා සිටියහ.

ගංජා භාවිතයෙන් සුවිශේෂි අභිප්‍රේරණයක් ශක්තියක් ලැබෙන බවත් වර්ගයාගේ වර්ධනයක් සිදුවන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.