මෙරට ස්ථාවර දුරකථන භාවිතාවන   ප්‍රමාණය මෙන් දහ හතර ගුණයකට ආසන්න ප්‍රමාණයක්   ජංගම දුරකථන භාවිතාවන    බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ 2023 ආර්තික විවරණ වාර්ථාව මගින් අනාවරණය වේ.

ඒ අනුව ස්ථාවර දුරකථන භාවිතය  පුද්ගලයන් 100 කට 10.5 ක් වන අතර ජංගම දුරකථන භාවිතවන ප්‍රමාණය පුද්ගලයන් 100 ක ට 142 ක් වන බව එම වාර්තාව සඳහන් කරයි.

එම වාර්තාවට අනුව  2023 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය 2,20,37,000 ක් වන බැවින් මෙම අනුපාතයන්ට අනුව ගණනය කළ විට මෙරට භාවිතාවන  ස්ථාවර දුරකතන ප්‍රමාණය දළ වශයෙන්  23,14 000 ක් හා   ජංගම දුරකතන ප්‍රමාණය 3 ,13,00000 ක් පමණ විය යුතුවේ.

එමෙන්ම මෙරට අන්තර්ජාල සබඳතා ඝනත්වය පුද්ගලයන් 100 කට 103 ක් බවද මේ වාර්තාව සඳහන් කරයි.